කෙන් තොම්සන්

කෙනෙත් තොම්සන්
තොම්සන් (වමේ) ඩෙනිස් රිචී සමග
උපත පෙබරවාරි 4, 1943 (1943-02-04) (අවුරුදු 74)
නිව් ඔලින්ස්, ලුයිසියානා, ඇමරිකා එක්සත් ජනපදය.
ජාතිකත්වය ඇමරිකානු
ක්ෂේත්‍රය පරිගණක විද්‍යාව
ආයතන බෙල් විද්‍යාගාරය
එන්ට්‍රිපියර් සමාගම
ගූගල්
ඉගෙනීම ලත් ශාස්ත්‍ර ශාලාව කැලිෆෝනියා සරසවිය (විද්‍යාවේදී, 1965; විද්‍යා ශාස්ත්‍රපති 1966)
ප්‍රසිද්ධ වන ක්ශේත්‍රය යුනික්ස්
බී (ක්‍රමලේඛණ භාෂාව)
බෙලී (චෙස් යන්ත්‍රය)
UTF-8
එන්ඩ්ගේම් වගුව
ගෝ (ක්‍රමලේඛණ භාෂාව)
සංගණ්ය ත්‍යාගයන් IEEE එමානුවෙල් R. පියෝ සම්මානය (1982)
ටියුරින් සම්මානය (1983)
පරිගණක පුරෝගාමී සම්මානය (1994)
පරිගණක ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය හවුල්කරු (1997)
තාක්ෂණය සඳහා වූ ජාතික පදක්කම (1998)
සුමොටු කනායි සම්මානය (1999)
ජපන් ත්‍යාගය (2011)

කෙනෙත් ලේන් "කෙන්" තොම්සන් (උපත 1943 පෙබරවාරි 4), හැකර් සමූහයන් වලදී කෙන් ලෙසින් හඳුන්වනු ලබන අතර [1] ඔහු ඇමරිකානු ජාතික පරිගණක විද්‍යා ක්ෂේත්‍රයේ පුරෝගාමියකි. වෘතීය ජීවිතයේ බොහෝ කාලයක් ඔහු බෙල් විද්‍යාගරයේ සේවය කර ඇත. යුනික්ස් මෙහෙයුම් පද්ධතිය සැලසුම් කිරීම තොම්සන් විසින් බෙල් විද්‍යාගාරයේදී සිදුකරන ලද වැදගත් කාර්යයක් වේ. ඊට අමතරව, සී පරිගණක ක්‍රමලේඛණ භාෂාවේ ප්‍රභවය ලෙස සැලකෙන බී පරිගණක ක්‍රමලේඛණ භාෂාව නිර්මාණයෙන්ද, Plan 9 පරිගණක මෙහෙයුම් පද්ධතිය නිර්මාණය හා මූලික සංවර්ධන කටයුතු වලටද ඔහු දායක විය. 2006 වසරේ සිට තොම්සන් ගූගල් ආයතනයේ සේවය කරනු ලබන අතර, එහිදී ඔහු ගෝ පරිගණක ක්‍රමලේඛණ භාෂාව සම-නිර්මාණය කිරීමට දායකත්වය සපයන ලදි.

QED අකුරු සකසනය, යුනිකෝඩ් කේතකරණය සහ පරිගණකගත චෙස් ක්‍රීඩාව අහුගේ වෙනත් වැදගත් දායකත්වයන් අතර වේ.

චරිතාපදානය

මුල් කාලය

ඇමරිකාවේ නිව් ඔලින්ස් හිදී තොම්සන් උපත ලබන ලදි.

1960

DEC PDP-7, යුනික්ස් මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරීමට යොදා ගත් පද්ධතිය

කැලිෆෝනියා සරසවියේදී 1965දී තොම්සන් විසින් විද්‍යාවේදී උපාධිය හා 1966 දී විද්‍යා ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නා ලදි. ඔහු ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නා ලද්දේ ඉලෙක්ට්‍රොනික හා පරිගණක විද්‍යා අංශයෙනි.

බෙල් විද්‍යාගාරය විසින් 1966දී තොම්සන්ව එම ආයතනයේ සේවයට බඳවා ගෙන ඇත. [2] එම කාලය තුල ඔහු ඩෙනිස් රිචී සමග එක්ව මල්ටික්ස් මෙහෙයුම් පද්ධතිය නිර්මාණයට සම්බන්ධ වී ඇත. එම මෙහෙයුම් පද්ධතියේ වැඩකටයුතු අතර තුර තොම්සන් විසින් බොන් නැමැති ක්‍රමලේඛණ භාෂාවක්ද නිර්මාණය කර තිබේ. [3] ඊට අමතරව ඔහු විසින් ස්පේස් ට්‍රැවල් නැමති පරිගණක ක්‍රීඩාවක්ද නිර්මාණය කර තිබේ. බෙල් විද්‍යාගාරය විසින් මල්ටික්ස් මෙහෙයුම් පදධතියේ වැඩකටයුතු අතරමග නවතා දැමීම හේතුවෙන්, තොම්සන් ඔහුගේ ස්පේස් ට්‍රැවල් පරිගණක ක්‍රීඩාව පැරනී PDP-7 පරිගණකයක් මත නැවත නිර්මාණය කරන ලදි. [4] අවසානයේ එම කියාවලියේදී නිර්මාණය කරන ලද උපාංග යුනික්ස් මෙහෙයුම් පද්ධතිය බවට පත් විය. යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ මූලික වැඩ කටයුතු වලින් පසුව, යුනික්ස් මෙහෙයුම් පද්ධතිය සඳහා පද්ධති ක්‍රමලේඛණ භාෂාවක අවශ්‍යතාවය තොම්සන් හට දැනෙන්නට විය. ඒ අනුව ඔහු බී ක්‍රමලේඛණ භාශාව නිර්මාණය කරන ලදි. එය ඔහුම විසින් නිර්මාණය කරන ලද සී ක්‍රමලේඛණ භාෂාවේ පූර්වගාමී ක්‍රමලේඛණ භාශාව වේ.

ඊට අමතරව 1960 දශකයේදී ඔහු රෙගියුලර් එක්ස්ප්‍රෙෂන් ආශ්‍රිත වැඩ කටයුතු හා QED අකුරු සකසනයේ වැඩ කටයුතු ආරම්භ කර ඇත.

1970

කෙන් තොම්සන් (ආසනය මත) සහ ඩෙනිස් රිචී PDP-11 පරිගණකයක වැඩ කටයුතු අතරතුර

1970 දශකය තුල තොම්සන් සහ රිචී එක්ව යුනික්ස් මෙහෙයුම් පද්ධතිය වැඩිදියුනු කිරීම කරන ලදි. 2011 වසරේ පවත්වන ලද සම්මුඛ සාකච්චාවකදී තොම්සන් විසින්, මුල් කාලයේ යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ වැඩකටයුතු තමා විසින් පමණක් සිදුකරන ලද බවත්, පසුව රිචී විසින් එය වැඩිදියුනු කිරීමට දායක වූ බවත් පවසා ඇත. [5]

1975 වසරේදී තොම්සන් කෙටි කාලීනව බෙල් විද්‍යාගාරයේ සේවයෙන් ඉවත් වී කැලිෆෝනියා සරසවියේ වැඩකටයුතු වලට සම්බන්ධ විය. එහිදී ඔහු යුනික්ස් 6 වන සංස්කරණය PDP-11/70 පරිගණක වල ස්ථාපනය කිරීමට සහයෝගය ලබා දී ඇත. පසු කාලීනව කැලිෆෝනියා සරසවිය විසින් එම යුනික්ස් පද්ධතිය වෙනත් මෙහෙයුම් පද්ධතියක් ලෙස පවත්වාගෙන යාම ආරමභ කල අතර එය බාක්ලි මෘදුකාංග බෙදා හැරීම ලෙස හඳුන්වනු ලබයි. [6]

ජෝසප් හෙන්රි කොන්ඩන් සහ තොම්සන් එක්ව බෙලී චෙස් යන්ත්‍රයේ මෘදුකාංග හා දෘඩාංග නිර්මාණය කර ඇත. බෙලී යන්ත්‍රය පසුකාලීනව ලෝක ශූර චෙස් යන්ත්‍රය බවට පත් විය. [7]

1980

බෙල් විද්‍යාගරයෙන් නිපදවූ Plan 9 මෙහෙයුම් පද්ධතිය

1980 දශකය පුරාවට තොම්සන් සහ රිචී එක්ව යුනික්ස් මෙහෙයුම් පද්ධතිය ආශ්‍රිත පරීක්ෂණ සහ වැඩි දියුණු කිරීම් කරන ලදි. 8, 9 සහ 10 වන යුනික් සංස්කරණ BSD මෙහෙයුම් පද්ධතියේ කේත ගොනු ආශ්‍රයෙන් නිර්මාණය කිරීම මෙම කාලය තුල සිදු විය. 1980 මැද භාගයේශී බෙල් විද්‍යාගාරය විසින් නව මෙහෙයුම් පද්ධතියක් වන Plan 9 මෙහෙයුම් පද්ධතියේ වැඩ කටයුතු තොම්සන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලදි. මෙම මෙහෙයුම් පද්ධතිය සඳහා යුනික්ස් මෙහෙයුම් පද්ධතියේ න්‍යායන් වඩාත් හොඳින් භාවිතා කිරීමට සැලසුම් කර තිබින.

1990

1992 වර්ෂයේදී තොම්සන් සහ රොබ් පයික් විසින් UTF-8 කේතකරණ ක්‍රමය නිරමාණය කරන ලදි. [8] UTF-8 අන්තර්ජාලය තුල ප්‍රධානතම අක්ෂර කේතකරණ ක්‍රමය බවට පත් වූ අතර එය ලෝකයේ මුළු වෙබ් අඩවි ප්‍රමාණයෙන් අඩකට අධික ප්‍රමාණයක භාවිතා කරනු ලබයි. [9]

ඊට අමතරව මෙම කාලය තුල තොම්සන් සහ රිචී විසින් ඉන්ෆර්නෝ නම් තවත් පර්යේෂණාත්ම මෙහෙයුම් පද්ධතියක නිර්මාණ කටයුතු ආරම්භ කර ඇත.

2000

2000 දශකයේ අවසාන භාගයේදී තොම්සන් බෙල් විද්‍යාගාරයෙන් ඉවත් වෙන ලදි. ඔහු වසර 2006 පමණ වන තෙක් Entrisphere නම් සමාගමේ හවුල් කරුවෙකු ලෙස සේවය කල අතර වර්තමානයේ ඔහු ගූගල් ආයතනයේ සේවය කරනු ලබයි. තොම්සන් ගූගල ආයතනයේ සේවය කරන අතරතුර ගෝ ක්‍රමලේඛණ භාෂාවට සම-නිර්මාණයෙන් දායක විය.

2009 වසරේ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකට අනුව තොම්සන් වර්තමානයේදී ලිනක්ස් පාදක වූ මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරනු ලබයි. [10]

Other Languages
العربية: كين تومسن
azərbaycanca: Ken Tompson
تۆرکجه: کن تامسون
български: Кен Томпсън
bosanski: Ken Thompson
català: Ken Thompson
čeština: Ken Thompson
Deutsch: Ken Thompson
English: Ken Thompson
español: Ken Thompson
فارسی: کن تامسون
français: Ken Thompson
Gaeilge: Ken Thompson
galego: Ken Thompson
hrvatski: Ken Thompson
Հայերեն: Քեն Թոմփսոն
Bahasa Indonesia: Ken Thompson
italiano: Ken Thompson
한국어: 켄 톰프슨
Bahasa Melayu: Ken Thompson
Nederlands: Ken Thompson
polski: Ken Thompson
português: Ken Thompson
română: Ken Thompson
русский: Томпсон, Кен
srpskohrvatski / српскохрватски: Ken Thompson
slovenčina: Ken Thompson
slovenščina: Kenneth Thompson
српски / srpski: Кен Томпсон
svenska: Ken Thompson
Türkçe: Ken Thompson
українська: Кен Томпсон
Tiếng Việt: Ken Thompson