අප්‍රිකානු ඉතිහාසය

 යටත් විජිත යුගයට පෙර අප්‍රිකානු රාජ්‍යයන්
ඊජීප්තුවේ ලක්සෝර් දේවස්ථානයේ ඇති ඔබෙලිස්කය (ආස. ක්‍රි.පූ. 1200)
බගියර්මි නයිට්වරයෙක් සම්පූර්ණ ගෙම්බසන් සන්නාහ ඇඳුමින්

අප්‍රිකාවේ ඉතිහාසය නැගෙනහිර අප්‍රිකාවේ හෝමෝ සේපියන්ස් ගේ නැඟී ඒමත් සමඟ ආරම්භ වන අතර විවිධ හා දේශපාලනික වශයෙන් වර්ධනය වන ජාතික රාජ්‍යයන් රැසකගෙන් අණ්ඩ දමන ලද සිතියමක් සේ දිස්වන වර්තමානය දක්වා පැවතේ. ශිෂ්ටාචාරයේ  වාර්තාගත ඉතිහාසය ඇරඹෙන ලද්දේ කුෂ් රාජධානියේ තුළ වන අතර ඉන් පසුව පුරාණ මිසරය, සහේලය, මාඝ්‍රෙබ්, හා අප්‍රිකා ශෘංගය තුළ ද වේ. මධ්‍ය යුගයේ (ක්‍රි.ව. 5-15 සියවස්) දී, ඉස්ලාමය අරබියාවෙන් බටහිර දෙස ඊජීප්තුවටත් මාඝ්‍රෙබ් හා සහේලය දෙසටත් පැතිරුණි. යුරෝපීය යටත් විජිතකරණයට පෙර වැදගත් අප්‍රිකානු රාජ්‍යයන් අතර අජුරාන් අධිරාජ්‍ය, දා'අමත්, ඇඩල් සුල්තානය, වෝර්සැන්ගාලි සුල්තානය, න්රි (එරි?) රාජධානිය, නොක් සංස්කෘතිය, මාලි අධිරාජ්‍යය, සොන්ඝායි අධිරාජ්‍ය, අෂාන්තී අධිරාජ්‍යය,ඝානා අධිරාජ්‍යය, මොසි රාජධානි, මුතාපා අධිරාජ්‍යය, මපුන්ගුබ්වේ රාජධානිය, සයින් රාජධානිය, සෙන්නාර් රාජධානිය, සලූම් රාජධානිය, බෙයෝල් රාජධානිය, කෙයෝර් රාජධානිය, සිම්බාබ්වේ රාජධානිය, කොන්ගෝ රාජධානිය, කබූ අධිරාජ්‍යය, පුරාණ කාතේජය, නුමීදියාව, මෞරිටේනියාව, එක්සම් අධිරාජ්‍ය වේ.

7 වන සියවස මැද සිට රාශිදුන් කලීෆය හා මකුරියා රාජධානිය අතර ක්‍රි.ව. 652 දී දෙවන දොන්ගෝලා සටනට පසුව ඇති වූ සටන් විරාමයෙන් පසුව අරාබි වහල් වෙළඳාමෙහි දී මුස්ලිම් අරාබීන් විසින් අප්‍රිකානුවන් වහල්ලු ලෙස අල්ලා ගන්නා ලදී. ආසියාතිකයින් හා යුරෝපීයයන් ද සමඟ ඔවුන් රතු මුහුද, ඉන්දියානු සාගරය, හා සහරා කතර හරහා ප්‍රවාහනය කරන ලදී.

15 වන සියවස අග සිට, පෘතුගීසීන් අත්ලාන්තික වහල් වෙළඳාමේ කොටසක් වශයෙන් මුලින්ම වෙළඳාම හරහාත් පසුව බලහත්කාරයෙනුත් වහලුන් ලබා ගැනීමත් සමඟ යුරෝපීයයන් වහල් වෙළඳාමට එක් විය. ඔවුන් විසින් වහල් සේවයට අල්ලා ගන්නා ලද බටහිර, මධ්‍යම, හා දක්ෂිණ අප්‍රිකානුවන් එතෙර රටවලට ප්‍රවාහනය කරන ලදී.

19 වන සියවස අග හා 20 සියවස මුල, අප්‍රිකාව සඳහා පොර වැදීමත් සමඟ අප්‍රිකාවේ යුරෝපීය යටත් විජිතකරණය සීඝ්‍රයෙන් දියුණු විය. යටත් විජිතකරණයට පෙර අප්‍රිකාවේ විශේෂ්‍ය භාෂා හා ගති පැවතුම් සහිත විවිධ රාජ්‍යයන් හා ස්වාධීන ඒකක 10,000ක් දක්වා පමණ තිබූ බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. නිදහස සඳහා මහාද්වීපයේ විවිධ පැතිවලින් ඇති වූ අරගලත් දෙවන ලෝක යුද්ධයෙන් පසු දුර්වල වූ යුරෝපයත් නිසා 1960 අප්‍රිකාවේ වර්ෂයෙන් සංක්‍රාන්තියට පැමිණි යටත් විජිතහරණය සිදු විය.

මහාද්වීපයේ විශාල කොටසක ලිඛිත මූලාශ්‍ර හිඟ වීම හේතුවෙන්, විශේෂයෙන්ම වැදගත්ම ටිම්බක්ටූ අත්පිටපත් වලින් බොහොමයක් විනාශ වීම නිසා, අප්‍රිකානු අධ්‍යයන ක්ෂේත්‍රයේ අප්‍රිකාවේ ඉතිහාසය ගවේෂණය කිරීම අභියෝගාත්මක වී ඇත. එහි දී මුඛ ඉතිහාස වාර්තා, ඓතිහාසික වාග් විද්‍යාව, පුරාවිද්‍යාව, සහ ජාන විද්‍යාව වැනි උපක්ෂේත්‍රයන් තීරණාත්මක වේ.

Other Languages
čeština: Dějiny Afriky
Cymraeg: Hanes Affrica
hrvatski: Povijest Afrike
Bahasa Indonesia: Sejarah Afrika
日本語: アフリカ史
lietuvių: Afrikos istorija
norsk nynorsk: Afrikansk historie
română: Istoria Africii
srpskohrvatski / српскохрватски: Historija Afrike
Simple English: History of Africa
српски / srpski: Историја Африке
українська: Історія Африки
中文: 非洲歷史